ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටලු සහගත තත්ත්වයන් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණ කර තිබේ.
2025 වර්ෂය තුළ බන්ධනාගාර 23ක් තුළ සිදු කරන ලද පරීක්ෂාවන්වලදී හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය රැසක් සොයාගෙන ඇති අතර, බන්ධනාගාර 22ක් තුළ තිබී ජංගම දුරකථන 5,083ක්, සිම්පත් 4,149ක් සහ විදුලි උපාංග රැසක් ද අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, බන්ධනාගාර නිලධාරීන් අතර පවතින සෞඛ්‍ය ගැටලු සහ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ද මෙම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
















