මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (23) පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙම පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර ගෙවදීමට නියමිතය. පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මහනුවර නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය විකල්ප මාර්ග ද පොලීසිය විසින් හඳුන්වා දී ඇත.
















