දිවයිනේ ප්‍රධාන ජලාශ 73 ක සමස්ත ජල ධාරිතාව 37% දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රධාන ජලාශ 18 හි සමස්ත ජල ධාරිතාවය සියයට 30ට වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ ජල මට්ටම 22.9% ක් ලෙසත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 25.7% ක් ලෙසත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 28.1% ක් ලෙසත් වාර්තා වන අතර, සේනානායක සමුද්‍රය, කන්තලේ සහ උන්නිච්චිය ඇතුළු ජලාශ රැසක ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.














