ඉන්දියාවේ කොල්කටා හි ‘ශිඛා ඉන්’ (Hotel Shikha Inn) හෝටලයේ හටගත් බිහිසුණු ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන හෝටල් හිමිකරු කොල්කටා පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම (SIT) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගෝස්තු 18 සහ 19 අතරමැදි රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් බංග්ලාදේශ ජාතිකයින් 7 දෙනෙකු, Jharkhand ප්‍රදේශයේ වැසියෙකු සහ සිලිගුරි හි වැසියෙකු මියගොස් ඇති අතර, මියගිය පිරිස අතර තුන් හැවිරිදි දරුවෙකුද වෙයි. ගින්නෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි හෝටල් හිමිකරු වන බිරේශ්වර් මිත්‍රා (Bireswar Mitra) නැමැත්තා බෙහාලා හි පිහිටි ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















