කැලණි ගඟේ පාලමේ සිට කොළඹ වරාය දක්වා වන වරාය ප්‍රවේශ අධිවේගී මාර්ග කොටස ඔක්තෝබර් මස විවෘත කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත්, නියමිත කාල සීමාව තුළ එය ජනතා අයිතියට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් මහතා සඳහන් කරයි. කෙසේ වෙතත්, නෙළුම් කුලුන වටරවුම දක්වා විහිදෙන ඉතිරි මාර්ග කොටස ඉදිකිරීම සඳහා ඉදිරියේදී නව ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නියමිතය.
















