ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව ආගමික ස්ථාන ශක්තිමත් කරමින් සහජීවනයෙන් පිරි අනාගතයක් උදා කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව, අන්‍ය ආගමිකයන්ට මුස්ලිම් දේවස්ථානයක අභ්‍යන්තර සංස්කෘතිය සහ ආගමික වතාවත් දැකබලා ගැනීමේ අවස්ථාව ලබාදෙමින් “Welcome to Our Mosque” සංහිඳියා වැඩසටහනක් ද සංවිධානය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
















