දශක ගණනාවකට පසු රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සුභසාධනය සඳහා විශාල ආයෝජනයක් සිදු කරමින්, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව නේවාසිකාගාර (Hostels) 55ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
විශේෂයෙන්ම නගරයෙන් බැහැරව පිහිටි සහ නවීන විශ්වවිද්‍යාල වෙත මූලික අවධානය යොමු කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, සබරගමුව, දකුණු, නැගෙනහිර, උවා වෙල්ලස්ස සහ රජරට වැනි විශ්වවිද්‍යාල සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය හරහා විශ්වවිද්‍යාල සිසුන් 16,000කට පමණ පවතින නේවාසික පහසුකම් ගැටලුවට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන අතර, ඉදිකරනු ලබන මෙම පහසුකම් නිසි අයුරින් නඩත්තු කර ආරක්ෂා කරගැනීමේ වගකීම අදාළ පාර්ශ්ව වෙත පවරා තිබේ.
















