රටේ ජනතාව අද වන විට අන්ත අසරණ වී ඇති බවත්, ජනතාව රවටා බලය ලබාගත් වත්මන් රජයට රටට සුගතියක් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ පූනෑව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා වත්මන් රජය උදුරාගෙන ඇති බවත්, ගොවිතැන මුළුමනින්ම විනාශ වී ඇති වටපිටාවක අලි-මිනිස් ගැටුමට හෝ ජනතාවගේ ගැටලුවලට රජයෙන් නිසි පිළිතුරක් ලැබී නැති බවත් හෙතෙම සඳහන් කළේය. එපමණක් නොව, දත්ත පදනම් කරගනිමින් අස්වැසුම වැනි ප්‍රතිලාභ පවා කප්පාදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායකවරයා මෙහිදී දැඩි චෝදනා එල්ල කළේය.
















