ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අටලන්ටා සිට ඩලස් බලා ගමන් කරමින් තිබියදී, මගියෙකුගේ ලැප්ටොප් පරිගණකයක් හදිසියේ ගිනිගැනීම නිසා හදිසි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඇමරිකානු ගුවන් සේවයේ 2398 දරන ගුවන් යානය තුළ මෙම අනතුර සිදුව ඇති අතර, ගුවන් සේවිකාවන් වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කර ඇත. කෙසේ වෙතත්, ගින්න සහ දුමාරය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී මගීන් පස් දෙනෙකුට සුළු පිළිස්සුම් තුවාල සිදුව ඇති අතර, ඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබැස්සවීමෙන් පසු තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇත.
















