පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීම අසාමාන්‍ය කරුණක් නොවන බවත්, විපක්ෂයේ දේශපාලන රැලීවලට එකතු වන ජනගහනය හමුවේ බියට පත් වන රජය මෙවැනි ක්‍රියාමාර්ග හරහා බියක් ඇති කිරීමට උත්සාහ කරන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. තමන් කිසිදු වරදක් කර නොමැති බැවින් එවැනි කැඳවීම් හමුවේ කිසිදු බියක් නොමැතිව මුහුණ දෙන බව සඳහන් කළ ඒ මහතා, වත්මන් පාලනය විසින් ගෙන යනු ලබන දේශපාලන පළිගැනීම්වලට කිසිදු ලෙසකින් නොසැලී මුහුණ දෙන බවද අවධාරණය කළේය. රටේ වත්මන් තත්ත්වය යටතේ සාමාන්‍ය ජනතාවට සහ පාර්ලිමේන්තු විපක්ෂයට මුහුණ දීමට සිදුව ඇති අභියෝග මෙන්ම රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනාත්මක ස්ථාවරයක් ප්‍රකාශ කළේය.
















