ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයක වැරදි පෙන්වා දෙමින්, යහපත් ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දක්වන වගකීම්සහගත විපක්ෂයක් ක්‍රියාත්මක විය යුතු බව අධිකරණ අමාත්‍ය හර්‌ෂණ නානායක්කාර මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එහෙත් වත්මන් විපක්ෂය ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට, සම්පූර්ණයෙන්ම ක්‍රෝධයෙන් හා වෛරයෙන් පිරී කටයුතු කරන “සර්‌කස් එකක්” වැනි පිරිසක් බව අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ විපක්ෂයකින් අපේක්ෂා කෙරෙන නිර්මාණාත්මක විවේචන වෙනුවට ඔවුන් පදනම් විරහිත චෝදනාවල නිරත වන බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. රජය ඉදිරියට ගෙන යන ජනතා හිතවාදී වැඩපිළිවෙළට සහ රටේ සංවර්ධනයට විපක්ෂයෙන් විවිධ බාධා එල්ල වුවද, ජනතාව වෙනුවෙන් කළ යුතු නිවැරදි කැපකිරීම් සහ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
















