• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ මහාචාර්යවරයෙකුට එකම වෙලාවේ ස්ථාන දෙකක පෙනී සිටිය හැකි අපූරු බලයක් ලැබිලා

ඔහු උපකුලපති මධුජිත්ගේත් ගුරුවරයෙක්

23 August 2026
in දේශීය, පුවත්
පොළොන්නරුවේ සමාධි පිළිම වහන්සේගේ තීන්ත ආලේපනයට සජිත්ගෙන් රු. ලක්ෂ 18ක තීන්ත
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකුට එකම වේලාවේදී ස්ථාන දෙකක පෙනී සිටිය හැකි හාස්කම් සහිත බලයක් ලැබී තිබෙන බවත්, ඒ අනුව ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශන පවත්වන අතරම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන NIBM හි ද කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන ගණනක අයුතු ආදායමක් ලබාගෙන තිබෙන බවත් වාර්තා වේ.
පසුගිය අගෝස්තු 19 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය සාධනය සහ මූල්‍ය විනය සම්බන්ධයෙන් පැවැති කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළිදරව් වී තිබේ.
එහිදී හෙළිදරව් වී ඇති කරුණුවලට අනුව, පාලක සභාවේ අවසරය ලබා නොගෙන වෙනත් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත විය නොහැකි බව පත්වීම් ලිපියෙහි සඳහන් කර තිබියදී මෙම මහාචාර්යවරයා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ (NIBM) උපදේශකයෙකු සහ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් දේශන දීමනා ලෙස රුපියල් මිලියන 4.3 ක මුදලක් ලබාගෙන ඇත. එම කාලය තුළම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පූර්ණකාලීනව සේවය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 12.8 කට ආසන්න මුදලක් වැටුප් සහ දීමනා ලෙස ද ලබාගෙන තිබේ.
විගණකාධිපතිවරයා විසින් මෙම අයුතු ආදායම් උපයාගැනීම ගණනය කර තිබෙන්නේ 2023 ජූලි 04 වන දින සිට 2025 අප්‍රේල් මාසය දක්වා වන කාලය සඳහා පමණි. එම කාලය තුළ අවස්ථා 17 කදී NIBM ආයතනයේ ඇඟිලි සටහන් යන්ත්‍රයේ මොහුගේ පැමිණීම සහ පිටවීම සටහන් කර ඇති බව ද සනාථ කරගෙන ඇත.
මෙසේ බරපතල මූල්‍ය චෝදනා එල්ල වී තිබෙන්නේ කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු වන සනත් අමරතුංග නමැත්තෙකුට බව කියැවේ.
පුදුමයට කරුණ වන්නේ මෙම ප්‍රශ්නගත මහාචාර්යවරයා 2023 ජූලි මස සිට 2026 අගෝස්තු මාසය දක්වා කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරමින් සිටීමයි. ඒ අනුව ඔහු මෙම ස්ථාන දෙකෙහිම පූර්ණකාලීනව සේවය කළේ කෙසේදැයි කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.
මෙම කරුණුවලට ප්‍රතිචාර දක්වමින් උපකුලපති ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ මහාචාර්යවරයා තමන්ට ද උගන්වා තිබෙන තමන්ගේ ගුරුවරයෙකු මෙන්ම ඉතාම දක්ෂ ආචාර්යවරයෙකු වන බවත්, විශ්වවිද්‍යාලයේ රාජකාරී කිසිදු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණ කර තිබෙන බවත්ය. අදාළ මහාචාර්යවරයා සම්බන්ධයෙන් මේ වන විටත් පාලක සභා විමර්ශනයක් ක්‍රියාත්මක වන බව ද උපකුලපතිවරයා පැවසීය.
උපකුලපති මධුජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභාපතිවරයා වන අතර, පාලක සභාවේ තීන්දු තීරණ සම්බන්ධයෙන් ඔහුට සැලකිය යුතු බලපෑමක් සිදු කළ හැකිය. මධුජිත් පවසන ආකාරයටම අදාළ විෂමාචාර චෝදනා එල්ල වන මහාචාර්යවරයා ඔහුගේ ගුරුවරයාය. ඒ අනුව උපකුලපති මධුජිත් සභාපතිවරයා වන පාලක සභාවකින් ඔහුගේම ගුරුවරයා පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයක සාධාරණ තීන්දුවක් අපේක්ෂා කළ නොහැකි බවත්, උපකුලපතිවරයා අදාළ මහාචාර්යවරයා විසින් සිදු කර ඇති වරද ලඝු කිරීමට උත්සාහ කළ ආකාරයෙන්ම ඔහුට ඒ පිළිබඳ ඇති ලැදියාව ප්‍රදර්ශනය වන බවත් විචාරකයෝ පවසති.
ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් උපකුලපති මධුජිත්ට නියත වශයෙන්ම නියමිත සම්බන්ධතා අතර ගැටුම්කාරී තත්ත්වයක් පැන නගින බැවින්, ස්වාභාවික යුක්තියේ මූලධර්මයට අනුව මෙම කාරණයට අදාළ විමර්ශන සහ තීන්දු තීරණ ගැනීමේ කටයුතුවලින් ඔහු ඉවත් විය යුතු බව එම පිරිස් අවධාරණය කරති.
එසේ නොවන්නේ නම් උපකුලපති මධුජිත් විසින් සිදු කරන පරිදි මෙම විමර්ශනය ද අදාළ මහාචාර්යවරයාට “සුදුහුණු ගෑමේ ව්‍යාපෘතියක්” පමණක් වනු ඇති බව එම පිරිස් වැඩිදුරටත් සඳහන් කරති.
Post Views: 1
Previous Post

පොළොන්නරුවේ සමාධි පිළිම වහන්සේගේ තීන්ත ආලේපනයට සජිත්ගෙන් රු. ලක්ෂ 18ක තීන්ත

Next Post

හොර අරක්කු අල්ලන්න ගිය පොලිසියට කාන්තාවක් අම්බානෙට ගහලා..

Editor TTV News

Editor TTV News

Next Post
හොර අරක්කු අල්ලන්න ගිය පොලිසියට කාන්තාවක් අම්බානෙට ගහලා..

හොර අරක්කු අල්ලන්න ගිය පොලිසියට කාන්තාවක් අම්බානෙට ගහලා..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved