රාගම – වල්පොල මාර්ගයේ වල්පොල දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (22) උදෑසන සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් මියගොස්, තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි රාගම පොලිසිය පවසනවා. වල්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්, එය ඉදිරියෙන් පැමිණි කාර් රථයක හා තවත් ලොරි රථයක ගැටී, මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ සහ ඇගේ දරු දෙදෙනාගේ ගැටී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා සහ මව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු 08ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචි ගැහැණු දරුවා මියගොස් ඇත. අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරන් පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.














