අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පානීය ජලය අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර අවිස්සාවේල්ල ප්‍රදේශයේ ගබඩාවක ගබඩා කර තිබූ බවයි.
විවිධ ප්‍රමාණවලින් යුත් මෙම ජල බෝතල්වල ව්‍යාජ ලෙස SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 සඳහන් කර තිබූ බව නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. මෙම තොගය ඒ වන විට වෙළඳපොළට නිකුත් කර නොතිබූ අතර, වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ එකක් වන අතර, වැඩිදුර විමර්ශනවලින් පසු වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
















