2017 වසරේදී කේලා හේස් (Kayla Hayes) තමාගේ හිටපු පෙම්වතා මුණගැසීමට එකඟ වූයේ ඔවුන් දෙදෙනා අතර අවසන් වතාවට සාමකාමීව කතා කරගැනීමටය. ඔහුට තවත් අවස්ථාවක් අවශ්‍ය වුවද ඇය ඊට එකඟ නොවී “නැහැ” යැයි පැවසීමත් සමඟ බිහිසුණු සිදුවීමක් විය. ඇය ඉවතට යන්න උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ඇය මතට පහරදී ඇයගේ තොල්වල කොටසක් සපා කෑවේය.
වෛද්‍යවරුන් එය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක් දැරුවද එය මුළුමනින්ම සුව කිරීමට නොහැකි වූ අතර, ඇයට මැහුම් සිය ගණනක් සහ ශල්‍යකර්ම කිහිපයකටම මුහුණ දීමට සිදු විය. කෙසේ වෙතත්, කේලා නිහඬව නොසිට මේ පිළිබඳව කතා කිරීමට තීරණය කළ අතර, වෙනත් අයට මෙවැනි සම්බන්ධතාවලදී මතු වන අනතුරු ඇඟවීමේ ලක්ෂණ කලින්ම හඳුනා ගැනීමට ඇය උදව් කළාය.














