ASEAN සංවිධානයේ රටවල් අතර වෙළඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කොළඹදී පැවැත්වෙන “ASEAN Cuisines Week 2026” ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.
ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ASEAN දූත මණ්ඩලවල සභාපතිනිය ලෙස කටයුතු කරන ට්‍රින් තී ටම් මහත්මියට සහ ආසියානු රටවල තානාපතිවරුන්ට අමාත්‍යවරයා මෙහිදී ස්තූතිය පළ කළ අතර, මෙම අවස්ථාව සඳහා ආසියාතික රටවල තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
















