2026.08.22 දින අලුයම මැදවච්චිය පොලිස් වසමේ පුල්එළිය ප්රදේශයේදී පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 52 ක් වූ රම්බකුලම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම ඥාති නිවසක පැවති දානයක පිංකමකට සහභාගී වී නැවත යතුරුපැදියකින් නිවසට යමින් සිටියදී මෙලෙස වන අලි ප්රහාරයට ලක්ව ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















