නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් 2,276කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්රා දෙකක් සහ ලොරි රථයක් නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මීගමුව වේල්ලවීදිය වෙරළ ප්රදේශයේදී අද (23) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩිංගි යාත්රා මඟින් නීතිවිරෝධී ලෙස ගොඩබෑමට ගෙනැවිත් ලොරි රථයකින් ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ මෙම බීඩි කොළ තොගය, ඩිංගි යාත්රා සහ ලොරි රථය වැඩිදුර නීතිමය කටයුතු සඳහා මීගමුව තෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
















