කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මරදානෙන් ආරම්භ වන මෙම විදුලි දුම්රිය සේවාව හරහා මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා උසස් ප්‍රවාහන පහසුකමක් සැලසීම රජයේ අරමුණ බවයි. මේ අනුව බෙලියත්තේ සිට ‘රුහුණු කුමාරි’ දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුරෙන් බැස විදුලි දුම්රිය මගින් කොළඹ නගරයට ළඟාවීමට අවස්ථාව හිමිවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















