මඩකලපුව – කොට්ටක්කාර් ප්‍රධාන මාර්ගයේ කෝට්ටෙයිකල්ලාරු කන්නගී අම්මන් කෝවිල අසලදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාර්ගය අසල සිටි සිසුන් පිරිසකගේද ගැටී මාරක අනතුරක් සිදුව තිබේ. ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් 6 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු තවත් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තිදෙනෙකු උපකාරක පන්ති අවසන් කර නිවසට යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් 18 හැවිරිදි කිෂොන් සහ 17 හැවිරිදි කතිසන් යන සිසුන් මෙලෙස මියගොස් තිබේ. තුවාල ලැබූවන් අතර ගැහැණු ළමයින් 3 දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ඇතුළත් වේ.













