බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වතු ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
දිස්ත්‍රික්කය තුළ ඉදිකරමින් පවතින නිවාස සහ ඒ සඳහා වෙන්කර ඇති අරමුදල් මෙන්ම, දිට්වා ආපදාව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සහ නැවත පදිංචි කළ යුතු පවුල් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මෙහිදී දැඩි අවධානයට ලක් කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වියයුතු අංශ රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ රාජ්‍ය අංශයේ නිලධාරීන් එක්ව සිටියහ.














