මාරවිල පොලිස් වසමේ මාරවිල – වෙන්නප්පුව මාර්ගයේ කටුපන්රිය ප්‍රදේශයේදී වෙන්නප්පුව දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ අයිනෙන් ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදු වී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















