2026.08.22 දින ගණේමුල්ල පොලිස් වසමේ යාගොඩ ට්‍රැක්මෝ හන්දිය මාර්ගයේ පහළයාගොඩ ප්‍රදේශයේදී ට්‍රැක්මෝ හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදු වී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 67 ක් වූ පහළයාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගණේමුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















