දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ ඇති බව එම ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ පවසයි.
ස්ථායිකරණ ක්‍රමවේදය මඟින් නායයෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර ග්‍රේග්ලි වතුයායේ නාය ගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශ මත සිදු කරනු ලබයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කළුගල් ලබා ගැනීමේ අපහසුතාවක් පවතින නිසා ව්‍යාපෘතියේ වැඩ කටයුතු අඩාල වී ඇති බවත්, දැනට එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 60%ක් පමණ අවසන් වී ඇති බවත් තාක්ෂණ නිලධාරියා කියා සිටියේය. පවතින වර්ෂාපතනය අඩු වී වියළි කාලගුණ තත්ත්වයක් පැවතුනහොත්, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසරේ (2026) සැප්තැම්බර් මාසය අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ.
















