නුවරඑළිය – හග්ගල ප්රදේශයේදී බස් රථයක තිරිංග ක්රියාකාරිත්මක නොවීම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හග්ගල සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. රත්නපුර ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ බස් රථය විනෝද චාරිකාවක් සඳහා හග්ගල ප්රදේශයට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙන අතර, අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
















