මහනුවර දළඳා මාලිගාව අසලදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයා අත්මහනුවර දළඳා මාලිගාව අසලදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට. පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී ඇති බව අනාවරණය වේමහනුවර දළඳා පෙරහැර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී කළහාකාරී ලෙස හැසිරී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අද (23) පෙරවරුවේ මෙම පුද්ගලයා මාලිගා භූමියට ඇතුළු වන ප්රධාන පිවිසුම ඉදිරිපිට රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ට මෙලෙස පරුෂ වචනයෙන් බැනවැදී ඇත.
ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















