හබරණ හුරුළු රක්ෂිතයේ හදිසි ගින්නකින් අක්කර 100කට අධික ප්‍රමාණයක් විනාශ වෙයි. දඩයක්කරුවන් විසින් ගින්න වන්නට ඇති බවට සැක. හබරණ හුරුළු පාරිසරික උද්‍යාන රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර සියයකට වැඩි වනාන්තර ප්‍රමාණයක් විනාශ වී තිබේ.
අද (23) පස්වරු 2.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, වනයට ඇතුළු වූ දඩයක්කරුවන් විසින් මෙය සිදු කරන්නට ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කරයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව ගින්න නිවීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හබරණ වන සංරක්ෂණ නිලධාරීන් සහ හබරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි. මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.














