බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා අන්තර් පාසල් කණ්ඩායම් මේස පන්දු ශූරතාවලියේදී වයස අවුරුදු 10න් පහළ “ඒ” කොටසේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ස්ප්‍රින්ෆීල්ඩ් විද්‍යාලය සමත් වී තිබේ.
තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වූ ස්ප්‍රින්ෆීල්ඩ් ක්‍රීඩකයෝ, අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මාලිදේව විද්‍යාලය පරාජය කළ අතර, අවසන් පූර්ව වටයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ. ඉන්පසුව පැවති තියුණු අවසන් මහා තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් ඔවුහු මෙම සමස්ත ලංකා කිරුළ දිනා ගත්හ.
හසන් සමාන්, හුසේන් සමාන් සහ මොහොමඩ් උස්මාන් යන දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම පුහුණුකරුවන් වන කාංචන වෙදගේධර සහ රාජේෂ් කුමාර් යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ඇත.
















