වලවේ ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම සහ ගංගා පතුලේ ජලය කළු පැහැ වී අපවිත්‍ර වීම හේතුවෙන් අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ පානීය ජල පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
පවතින කාලගුණික තත්ත්වය සහ ජල මූලාශ්‍රවල ඇති වූ මෙම තත්ත්වය මත පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බවත්, තත්ත්වය යථා තත්ත්වයට පත් වූ වහාම ජල සැපයුම යළි ආරම්භ කිරීමට නියමිත බවත් අංශ සඳහන් කරයි.
















