මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (23) පස්වරු 6.44 ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කර තිබේ.
ඒ අනුව, අද දින සිට අඛණ්ඩව දින 5 ක් පුරා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර, මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර එළඹෙන 27 වන දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
















