මුම්බායි නගරයේ ගුන්ඩාවලි මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ පිවිසුම ආසන්නයේ නිරන්තරයෙන් ගැවසෙන අපූරු බළලෙකු පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්ව තිබේ.
මෙට්‍රෝ මගියෙකු වන සන්දේෂ් සමන්ත් විසින් මෙම බළලාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක් කරමින්, දුම්රිය ස්ථානයේ නොමිලේ සේවය කරන මෙම හුරුබුහුටි සතාට විහිළුවට මෙන් නිල තනතුරක් ලබාදෙන ලෙස මුම්බායි මෙට්‍රෝ මෙහෙයුම් සමාගමෙන් ඉල්ලා තිබිණි. සතුන් සමඟ බැඳුණු මෙවැනි අපූරු හා සොඳුරු සිදුවීම් ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත.
















