ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම මූල්‍ය ප්‍රහාරය හෙවත් නව ආර්ථික සම්බාධක මාලාවක් අද (24) දිනයේ හඳුන්වා දීමට සූදානම් වන බව නිවේදනය කර තිබේ.
ඇමරිකානු මහා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන් සහ ඔවුන් සමඟ කටයුතු කරන පාර්ශ්ව ඉලක්ක කර ගනිමින් මෙම නව ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත්, මෙම ආර්ථික යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගියහොත් පර්සියානු මුහුද හරහා හෝ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු තෙල් බැරලයක් පිටතට යෑමට ඉඩ නොදෙන බවට ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත.
















