කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එරෙහිව ක්‍රියාත්මක කළ ස්ථාන මාරුවකට විරෝධය පළ කරමින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අද (24) උදෑසන 8.00 සිට දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ අනීතික ක්‍රියාකාරකම්වලට විරුද්ධ වීම හේතුවෙන් බී.එච්. මීගස්දෙණිය මහතා මෙලෙස අසාධාරණ ලෙස ස්ථාන මාරු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි විසඳුමක් ලබා දී නොමැති බවත් එම සංගමය පවසයි.
















