පැවති අඩු පීඩන කලාපීය තත්ත්වය හේතුවෙන් දකුණු තායිවාන ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සහ ගංවර්තන තත්ත්වය හමුවේ එරට ප්‍රාදේශීය රජයන් විසින් කාර්යාල සහ පාසල් සඳුදා (24) දින වසා දැමීමට පියවර ගෙන තිබේ.
කෝෂියුං (Kaohsiung) සහ ටයිනාන් (Tainan) යන නගරවල මෙන්ම පිංටුං (Pingtung), චියායි (Chiayi), ටයිටුං (Taitung) සහ හුවාලියන් (Hualien) යන ප්‍රදේශවල මෙම ආරක්ෂක පියවර ගෙන ඇති අතර, ඉදිරි දිනවලදී ‘සෞඩෙල්’ (Saudel) සුළි කුණාටුව ද දිවයිනේ උතුරු ප්‍රදේශයට බලපෑම් කළ හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා සිටියි.
















