රට නව පරිවර්තනයකට ගෙනයමින් සියලු දෙනාට සමාන හා සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී මහ සඟරුවනෙන් ලැබෙන සහාය අගය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ගම්පහ පැවති විශේෂ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
ගම්පහ බැන්ඩියමුල්ල විද්‍යාසේකර පිරිවෙන් හා අස්ගිරිය පුරාණ ගල්ලෙන් විහාරය යන විහාරයන්හි විහාරාධිපති, ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය බැලුම්මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේට මල්වතු පාර්ශ්වය විසින් ‘සද්ධම්ම කීර්ති ශ්‍රී අනෝමදස්සී’ ගෞරව නාමය සහිත සියනෑ හාපිටිගම් දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා තිබේ. ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේගේ මුලසුනෙන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍යවරිය අතින් සිදුකෙරුණු අතර, විජිනිපත පිරිනැමීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.
















