වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ නව පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට නවසීලන්ත රජය තීරණය කර ඇත.
ළමුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන අනතුරු හා හානිකර අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව මුදාගැනීම මෙම පියවරේ මූලික අරමුණ වේ. ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක්ම මීට පෙර මෙවැනි නීති සම්මත කිරීමට පියවර ගෙන තිබූ අතර, නවසීලන්තය ද එම ගෝලීය ප්‍රවණතාවයට එක්වෙමින් මෙම තීරණය ගෙන තිබේ.
මෙම නීතිය බලාත්මක වීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලයන් විසින් වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට ගිණුම් ආරම්භ කිරීමට ඉඩ නොදෙන බවට වගබලා ගත යුතු අතර, එය උල්ලංඝනය කරන සමාගම් වෙත දැඩි දඩ මුදල් පැනවීමට ද යෝජනා වී ඇත.
















