හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුව තුළ රුපියල් මිලියන 500ක මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුවේ සභාපති සෝමසිරි ලියනගේ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ.
















