කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන්, කන්තලේ රාජ්ය ආයතන සහ සිවිල් සංවිධාන එක්ව නියං කාල සීමාවේ වනජීවී අපරාධ මැඩලීම සම්බන්ධව සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා විශේෂ මෙහෙයුම් මාලාවක් කන්තලේ, වාන්ඇල, ජයන්තිපුර සහ සූරියපුර යන ප්රදේශවල දියත් කර තිබේ.
මෙම මෙහෙයුම්වලදී එම ප්රදේශ තුළ වනසතුන්ට හානි වන අයුරින් අටවන ලද කේබල් මදු සහ හක්කපටස් ප්රදේශවාසී ජනතාවගේ සහයෝගයෙන් සොයා ගැනීමට හැකි වී ඇත. දිගින් දිගටම මෙම අපරාධ මැඩලීමේ කටයුතු ප්රජාවගේ සහය ඇතිව සාර්ථකව සිදු කිරීමට බලාපොරොත්තු වන බව වනජීවී නිලධාරීන් පවසයි.
















