හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මහනුවර – කුරුණෑගල මාර්ගයේ සෙනරත්ගම 4 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරත් සමඟ අදාළ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන නැවතී ඇති බව කටුගස්තොට පොලිසිය පැවසීය. මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














