ගල්නෑව පොලිස් වසමේ ගලේවෙල පාර, ගල්නෑව ප්රදේශයේ ඇල මාර්ගයක සිරවී සිටි වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි.
ඊයේ (23) දහවල් කාලයේදී දරුවා නිවෙසේ නොමැති බවට පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදු කළ සෝදිසියකදී මෙම දරුවා නිවෙස ආසන්නයේ පිහිටි ජලය ගලා යන ඇල මාර්ගයක පාලමක සිරවී සිටියදී සොයාගෙන ඇත.
පසුව කඩිනමින් දරුවාව ගල්නෑව රෝහලට ඇතුළත් කර තිබුණද, ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව වාර්තා වේ. මියගිය දරුවාගේ මෘතදේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගල්නෑව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














