නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහාත්, වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහාත් බලපැවැත්වෙන පරිදි හෙට (25) දිනයේදී උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් (Caution level) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දිවා කාලයේදී මෙම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, එළිමහනේ සිදුකරන වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














