ශාරීරික සීමාවන් නොතකා උසස් අධ්‍යාපනයේ නිරත වන රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් උදෙසා ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන “සරසවි දිරියෝ අභිමන්” ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
මෙම විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් ආබාධ සහිත සමස්ත සිසුන් 400කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් එක් සිසුවෙකුට රුපියල් 100,000ක මූල්‍ය ශිෂ්‍යාධාරයක් පිරිනමනු ලබන අතර, මෙහිදී යාපනය, වව්නියාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් 76 දෙනෙකු වෙත අග්‍රාමාත්‍යවරිය විසින් සෘජුවම අදාළ ශිෂ්‍යාධාර ප්රදානය කර තිබේ.














