2027 වර්ෂයට අදාළ පාසල් විභාග පැවැත්වෙන දිනයන් විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2027 අගෝස්තු 01 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2027 අගෝස්තු 03 සිට 2027 අගෝස්තු 28 දක්වා පැවැත්වෙන අතර, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2027 ඔක්තෝබර් 24 වනදා පැවැත්වීමට නියමිතය. මේ අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2027 දෙසැම්බර් 07 සිට 2027 දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.














