ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී ඉන්දීය කඩයිම් රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් (Rishabh Pant) එල්ල කළ ප්‍රබල හයේ පහරකින් ක්‍රීඩාංගණයේ වහල මත සවිකර තිබූ සූර්ය පැනලයකට හානි සිදු වී තිබේ.
තරගයේ පළමු දිනයේදී මැණික් කටුවේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ පාන්ට්, දෙවන දිනයේදී නැවත පිටියට පැමිණ වික්‍රමසිංහට එරෙහිව එල්ල කළ මීටර් 95 ක දැවැන්ත හයේ පහර SSC ක්‍රීඩාංගණයේ වහල මත පතිත විය. එහිදී නැවත විකාශය කළ රූපරාමු වලින් තහවුරු වූයේ අදාළ පන්දුව වහලයේ තිබූ සූර්ය පැනලයක වැදී එය තැලී හානියට පත්ව ඇති බවයි.
















