ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බාගොඩ මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කර විශ්‍රාම ලැබූ ඒ මහතා, දශක තුනකට වැඩි කාලයක් මෙරට ආරක්ෂක ක්ෂේත්රය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. අද්මිරාල් කාංචන බාගොඩ මහතා 2026 සැප්තැම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.














