එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක එකකින් (1°C) ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාම හමුවේ මෙරට දිවා මෙන්ම රාත්‍රී කාලයේ ද උෂ්ණත්වය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර, සැප්තැම්බර් අග වන තෙක් ප්‍රමුඛ ප්‍රදේශවලට වැසි නොලැබෙන බවට අනතුරු අඟවයි. පවතින දැඩි වියළි කාලගුණය නිසා දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක පුද්ගලයින් 81,605 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, පානීය ජලය අඛණ්ඩව ලබා දුන්නද වගාවන් සඳහා ජලය නිකුත් කිරීම සීමා කිරීමට සිදුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














