කිලිනොච්චිය, කිරන්චි වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (24) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 380 ක් සහ තෙප්පම් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරන්චි ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු සහ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදී තිබේ.














