හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් (Port-au-Prince) ආසන්නයේ පිහිටි කෙන්ස්කොෆ් (Kenscoff) ප්‍රදේශයට සන්නද්ධ කල්ලි කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව කෙන්ස්කොෆ් නගරාධිපති ෂෝන් මැසිලෝන් (Jean Massillon) තහවුරු කරයි.
අගනුවරට ඉහළින් පිහිටි කඳුකර නගරයක් වන කෙන්ස්කොෆ් ප්‍රදේශයට පසුගිය වසර කිහිපය තිස්සේම මෙලෙස සන්නද්ධ කල්ලිවල දරුණු ප්‍රහාර එල්ල වෙමින් පවතී. අමු අමුවේ සිදුකළ සමූහ ඝාතන, ස්ත්‍රී දූෂණ, ගිනි තැබීම් සහ පැහැරගැනීම් හේතුවෙන් දහස් සංඛ්‍යාත ප්‍රදේශවාසීන් සිය නිවෙස් අතහැර පලාගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














