ලබන සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල නවදිල්ලිහි පැවැත්වීමට නියමිත BRICS රාජ්‍ය නායක සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා 400 කට ආසන්න විශාල නියෝජිත පිරිසක් සමඟ ඉන්දියාවට පැමිණීමට වැඩි ඉඩකඩක් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මෙය වසර 7 කට පසු චීන ජනාධිපතිවරයා සිදුකරන පළමු ඉන්දීය සංචාරය වන අතර, 2020 වසරේ හිමාලයානු සීමාවේ ඇති වූ දේශසීමා ගැටුම්වලින් පසු දෙරට අතර ලිහිල් වෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ. සංචාරයේ නිල තහවුරු කිරීම් සහ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව වෙළඳ ප්‍රතිපත්ති හමුවේ මෙම සමුළුව දෙරටටම දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













