වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගිය බවට පොලීසිය විසින් නිල වශයෙන් දැනුම් දී තිබූ ගල්ගමුව, කොහොබන්කුලම පදිංචි ඩී. එම්. කීර්තිසේන මහතා, තමන් වෙනුවෙන් ලෑස්ති කරමින් තිබූ අවමංගල්‍ය උත්සවයටම පණපිටින් පැමිණීමේ අපූරු සිදුවීමක් වාර්තා වේ.
නාන්නේරිය පොලීසිය මඟින් මරණය පිළිබඳ දැනුම් දීමෙන් පසු දැඩි කම්පනයට පත් ඥාතීන් සහ ගම්වාසීන් එකමුතුව බැනර් සවි කර, පන්දලම් ගසා ආදාහන කටයුතු සඳහා සියලු සූදානම් වෙමින් තිබිණි. කෙසේ වෙතත්, සැවොම මවිතයට පත් කරමින් කීර්තිසේන මහතා සූදානම් කළ මළගෙදරටම පණපිටින් පැමිණීමත් සමඟ මුළු ගම්මානයම දැඩි ආන්දෝලනයකට හා විමතියට පත්ව ඇත.














